2022-23 වික්ටෝරියා Skilled වීසා අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

2022-23 වසර සඳහා වන වික්ටෝරියා ප්‍රාන්ත පුහුණු නිපුණතා වීසා වැඩසටහන යටතේ අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ කර තිබෙනවා.

190 සහ 491 වීසා කාණ්ඩ යටතේ ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා මේ යටතේ අවස්ථාව උදාවනු ඇති.

මේ සඳහා අයදුම්කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් පළමුවෙන් ROI එකක් ඉදිරිපත් කල යුතු අතර ඒ අනුව වීසා අයදුම් කිරීම සඳහා ආරාධනා ලැබෙනු ඇති.

මෙම ROI සළකා බැලීම ලබන වසරේ මැයි මාසය දක්වා සිදුකිරීමට නියමිතයි.

2021-22 වසර තුළදී 15,000 කට අධික ROI සංඛ්‍යාවක් ලැබී තිබූ අතර එහිදී තෝරා නොගැණුනු අය සඳහාද අලුතින් ROI එකක් ඉදිරිපත් කල හැකි වනවා.

මෙවර වික්ටෝරියා Skilled Visa වැඩසටහනේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ 190 වීසා කාණ්ඩය සඳහා ඔස්ටේ්‍රලියාවෙන් බැහැර පුද්ගලන්ටද අයදුම් කිරීමට අවස්ථාව සළසාදීමයි.

491 වීසා කාණ්ඩය සඳහාද එම අවස්ථාව හිමිවන නමුත් එහිදී සෞඛ්‍ය වෘත්තීන් සඳහා වැඩි අවස්ථාවක් හිමිවනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »