නවසීලන්තයේ රැකියා හා සංක්‍රමණ තොරතුරු ඇතුළත් සම්පත් මධ්‍යස්ථානයක්

නවසීලන්තයේ දැනට පවතින රැකියා අවස්ථා, සුදුසුකම්, අයදුම් කළ යුතු ආකාරය සහ අනෙකුත් සියලු ම සංක්‍රමණික තොරතුරු ලබා ගත හැකි සම්පත් මධ්‍යස්ථානයක් (Resource Centre) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බවට නවසීලන්ත මහකොමසාරිස් Michael Edward Appleton කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත සහතික විය.

නවසීලන්තයට සංක්‍රමණය වීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් උත්සාහ අතර ශිෂ්‍ය සහ සංචාරක වීසා සදහා ද සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් වෙයි.

මෙහිදී ශ්‍රමිකයින්ට සහ සංක්‍රමනයවීමට අපේක්ෂා කරන පිරිස් සදහා අවශ්‍ය තොරතුරු මෙම සම්පත් මධ්‍යස්ථානය හරහා ලබාගැනීමට හැකිය.

නවසීලන්තයේ ආර්ථික සංවර්ධන උපායමාර්ග, ඒවා රටේ සංවර්ධනයට යොදාගෙන ඇති ආකාරය, කම්කරු නීතිය, වෘත්තීය සමිති සමග කටයුතු කරන ආකාරය, සියලු පාර්ශ්වයන් රටේ සංවර්ධන දිශානතියට යොදා ගන්නා ආකාරය, වර්තමානයේ ශ්‍රි ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඒවා උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබද මෙහි දී සාකච්ඡා කළ අතර, අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙරට තරුණ තරුණියන්ට නවසීලන්තයේ නීත්‍යනුකූල ව රැකියා ලබා දීම පිළිබද මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමු කරන ලදි.

අතිවිශාල මුදලක් අයකරමින් නවසීලන්තයට වීසා දෙන බව පවසා ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන බරපතල වංචා සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ ම අවධානයට ලක් කෙරුණි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා ද සාකච්ඡාවට එක් ව සිටියේ ය.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »