මෙල්බන් කාර්යාල තවත් වාර්තාවක් තියයි

ලොක්ඩවුන් කාලසීමාවේදී නිවසේ සිට රාජකාරි කිරීම් අවසන්වීමෙන් පසු ප්‍රධාන නගරවල කාර්යාල අතුරින් වැඩිම පිරිසක් සේවයට වාර්තා කර නොමැත්තේ මෙල්බන් නගරයේ බව අනාවරණ වී තිබෙනවා.

ජූලි මාසයේදී මෙල්බන් නගරයේ කාර්යාල අතුරින් සේවා කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ සියයට 38 ක පමණයි.

එය ජූනි මාසයේ පැවති සියයට 49 හා සැසඳීමේදී කැපී පෙනෙන පහළයාමක්ද වනවා.

ජූලි මාසයේ ඇතැම් දිනවල මෙල්බන් කාර්යාල අතුරින් විවෘත කර ඇත්තේ සියයට 19 ක් වැනි ඉතා පහළ අගයක් බවද සඳහන්.

සිඩ්නි සියයට 52 ක් – බ්‍රිස්බන් සියයට 53 ක් සහ ඇඩිලේඩ් සියයට 64 ක් ලෙස කාර්යාල විවෘතව තැබීමේ කිසියම් පහළයාමක් පෙන්නුම් කෙරෙන නමුත් සෙසු සෑම ප්‍රධාන නගරයකම සතුටුදායක තත්වයකුයි පවතින්නේ.

පවතින තත්වය හමුවේ කාර්යාල වෙත සේවකයන් යළි ආකර්ෂණය කර ගැනීම සඳහා මෙල්බන් නගර කවුන්සිලය විශේෂ අවධානයක්ද යොමුකර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »