තවත් ප්‍රාන්තයක් මංකිපොක්ස් එන්නත්කරණය අරඹයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයද මංකිපොක්ස් එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත හැරුණුවිට මංකිපොක්ස් වෛරසය සඳහා එන්නත් ලබාදීම ආරම්භ කල 03 වන ප්‍රාන්තය බවට දකුණු ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති.

ඊයේ දිනයේදී එන්නත් 900 ක් පමණක් ලැබී ඇති අතර වඩාත් අවධානම් කණ්ඩායම් වෙත ඒවා ලබාදීම සිදුවනවා.

ඉදිරි සති කිහිපය තුළ තවත් එන්නත් මාත්‍රා ප්‍රාන්තයට ලැබෙනු ඇති බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ.

ඇඩිලේඩ් නගරයේ පළමු මංකිපොක්ස් ආසාධිතයා පසුගිය ජූනි මාසයේදී හඳුනාගැණුනු අතර මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී ඇති මුලු ආසාධිතයන් ගණන 66 ක්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »