Search

ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න මනුෂගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුව එරට ක්‍ෂේත්‍ර 14 ක රැකියා සඳහා අයදුම්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව පවතින බවත් ඒ සඳහා අයදුම් කිරීමට ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි වසර 5 ක කාලයේදී ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 3,45,000ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් ජපානය සමඟ ගිවිසුම්ගත වී ඇති බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එම රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාව මෙරට වැසියන්ට ලබාදීමේ ආරම්භයක් ලෙස ජපන් භාෂාව ඉගැන්වීම සඳහා පියවර ගන්නා බවත්, මීට අමතරව එරට රැකියා ඉලක්ක කරගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැගිලි පිරිසිඳු කිරීම්, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික ආදී ක්‍ෂේත්‍රයන්හි කුසලතා වර්ධනය කිරීමටත් පියවර ගැනීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »