NSW හිදී දින 02 කට පෙර අතුරුදන්වූ 04 දෙනාම හමුවෙයි

ප්‍රාන්ත 03 ක දීර්ඝ චාරිකාවක් යමින් සිටියදී අතුරුදන්වූ ක්වීන්ස්ලන්ඩ් මව – දරුවන් 02 දෙනා සහ දරුවන්ගේ මිත්තණිය නිරුපද්‍රිතව හමුවී තිබෙනවා.

Darian Aspinall නම් 27 හැවිරිදි මෙම කාන්තාව අවුරුදු 02 සහ 04 වියැති දරුවන් දෙදෙනා සහ දරුවන්ගේ මිත්තණිය වන 50 හැවිරිදි Leah Gooding සමග ක්වීන්ස්ලන්ඩ් සිට ඇඩිලේඩ් දක්වා ගමන් කරමින් සිටියා.

නිවු සවුත් වේල්ස් හි ප්‍රාදේශීය ප්‍රදේශයකදීයි ඔවුන් අතුරුදන්ව තිබුණේ.

අද දිනයේ හෙලිකොප්ටර් යානා මගින් සිදුකල නිරීක්ෂණයකදී මෙම පිරිස සොයාගෙන තිබෙනවා.

දින 02 ක් ඔවුන් අතුරුදන්ව සිටියා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »