බර්මිංහැම් ගිය ලංකාවේ තවත් 07 ක් පනී

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 දෙනෙකු මේ වනවිට කණ්ඩායමෙන් අතුරුදන්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහ එක් පුහුණුකරුවෙකු මීට අයත්.

ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිල්හානි – ඇයගේ පුහුණුකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග පසුගිය සතියේදී අතුරුදන්ව තිබුණා.

ඔවුන් සම්බන්ධයෙන් බර්මිංහැම් මෙට්‍රොපොලිටන් පොලිසියට පවා පැමිණිල්ලක් ගොණු කෙරුණු බව සඳහන්.

කෙසේවෙතත් පසුව වාර්තාවූයේ ඉන් දෙදෙනෙකු නැවත සොයාගත් බවයි.

කෙසේවෙතත් සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමටම වාස 06 කට වීසා නිකුත් කර ඇති බැවින් මොවුන් වීසා කොන්දේසි කඩකර නොමැති බැවින් නැවතත් ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ඔවුන් භාරයට දෙන ලෙස බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ශ්‍රී ලංකා කළමණාකාරීත්වයට දන්වා තිබෙනවා.

මේ අතර අනන්‍යතාවය හෙළිනොකල නිළධාරියෙකු උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය අද වාර්තා කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකු ගතවූ දින කිහිපය තුළදී අතුරුදන් වී ඇති බවයි.

මහා බි්‍රතාන්‍යයේ රැඳී සිට වාසය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය හැකි බවටයි සැක පළවන්නේ.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »