Hi Mum වංචාවට වික්ටෝරියානුවනුත් හසුවෙයි

Hi Mum ලෙස ප්‍රචලිතව ඇති සයිබර් වංචාවක් හේතුවෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් මේ දක්වා ඩොලර් මිලියන 02 ක පමණ මුදලක් අහිමි කරගෙන ඇතැයි අනාවරණ වනවා.

නාඳුනන ජංගම දුරකථන අංකයකින් වට්ස්ඇප් පණිවිඩයක් එවීමක් මෙහිදී සිදුවන අතර එහි දැක්වෙන්නේ තමා ඔහුගේ හෝ ඇයගේ වැඩිමහල් දරුවා බවයි.

තමා නව දුරකථනයක් මිළදී ගත් බවත් එහි ඇති සියලු ඇප්ලිකේෂන සක්‍රීය කරගැනීම සඳහා කිසියම් මුදලක් අවශ්‍ය බවටත් එමගින් දැනුම්දීමක් සිදුකරනු ලබනවා.

මෙම වංචාවට හසුවූ බහුතරයක් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙවැනි පණිවිඩවක් ලදහොත් අදාළ දුරකථන අංකවලට අමතා වහා තහවුරු කරගන්නැයිද කිසිදු ඔන්ලයින් මුදල් හුවමාරුවකට නොයන්නැයිද ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ අංශ ඉල්ලා සිටිනවා.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »