
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කර, පසුගිය ජූලි මස 21වනදා ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකායේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් 46 ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ඒ ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකායට අයත් ඕෂන් ශීල්ඩ් නම් නෞකාවෙන්.
මෙම පිරිස වයස අවුරුදු 17ත් 49ත් අතර වයසේ පසුවන වාලච්චේන, මඩකලපුව, පාසිකුඩා, අම්පාර, බිබිල සහ මුතූර් යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් කොළඹ වරායේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වසරේ මේ දක්වා සිදු කල අනවසර සංක්‍රමණ මැඩ පැවැත්විමේ මෙහෙයුම් මගින් මෙරටින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටවල් වෙත සංක්‍රමණය විමට උත්සාහ කල 1024 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන්.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා. එමෙන්ම 2022 වසරේ මේ දක්වා නීති විරෝධීව මුහුදු මගින් ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 183 දෙනෙකු ඔස්ටේ්‍රලියානු දේශ සීමා බළකාය විසින් අත්අඩංගුවට ගෙන නැවත ශ්‍රි ලංකාවට පිටුවහල් කර ඇති බවද ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළා.