ලාංකික සරණාගත පවුලට PR

වසර කිහිපයක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට ඔස්ටේ්‍රලියාව තුළ වාසය කිරීම සඳහා ස්ථිර පදිංචි වීසා ලබා දී තිබෙනවා.

පවුලේ සාමාජිකයන් 04 දෙනාටම අද දිනයේදී ස්ථිර පදිංචි වීසා පිරිනැමුණු බවයි සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගිල්ස් තහවුරු කර ඇත්තේ.

වසර 04 කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි මොවුන්ගේ ගැටලුව විසඳන බවට පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය පොරොන්දු වුණා.

ඒ අනුව ඔවුන්ට පසුගියදා තාවකාලික වීසා ලබාදුන් අතර අගමැති ඇන්තනී ඇල්බනීස් Biloela නගරයේදි මොවුන් මුණගැසී තිබුණා.

මෙම පවුලේ පියා ශ්‍රී ලංකාවෙන් යුධ සමයේ පළාගිය අයෙකු වන අතර සෘජුවම එල් ටී ටී ඊ සංවිධානය සමග කටයුතු කල අයෙකු බවයි හඳුනාගෙන තිබුණේ.

ශ්‍රී ලංකාවේ යුධ සමයේ ඔස්ටේ්‍රලියාවට පලාගිය මෙම දෙමව්පිය යුවල ඔස්ටේ්‍රලියාවේදී විවාහ වී දියණියන් දෙදෙනෙකු ලැබුවා.

බාලම දියණිය පසුගිය වසරේදී මෙරට පුවත්වල සිරස්තල අතර නම සටහන් කිරීමට සමත්වූයේ ඇයට බලපෑ රෝගී තත්වයක් හමුවේ රෝහල්ගත කිරීමත් සමග ඔවුන්ගේ වීසා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක්ද ආරම්භවීමත් සමගයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »