ජැක්සන්ට සුවපතා මෙල්බන් නුවරින් සද්කාර්යයක්

දැනට ප්‍රතිකාර ලබමින් සිටින ජ්‍යෙෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනීට ඉක්මන් සුවය පතා මෙල්බන් නුවර වාසය කරන ලාංකිකයන් විසින් ආශිර්වාද පූජාවක් සංවිධාන කර තිබෙනවා.

ලබන ඉරිදා එනම් 07 වනදා සවස 04 ට මහමෙව්නා භාවනා අසපුවේදී එය ආරම්භවීමට නියමිතයි.

නිදහස් මෙල්බන් එකමුතුව විසිනුයි මෙම සද්කාර්යය සංවිධාන කර ඇත්තේ.

ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයට සිටිය යුතුම චරිතයක් වන ජැක්සන් ඇන්තනි කලාකරුවාණන්ට නැවතත් හැකි ඉක්මණින් සුපුරදු කටයුතුවල නිරතවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කිරීම මෙම ආශිර්වාද පූජාවේ අරමුණ වී තිබෙනවා.

එබැවින් මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන ජැක්සන් ඇන්තනී කලාකරුවාණන්ගේ රසික ඕනෑම ලාංකිකයෙකුට මේ සඳහා සහභාගී වන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »