ඔස්ටේ්‍රලියාවේ දරුණුතම අපරාධ කල්ලි නායකයා ලෙස සැළකෙන මාර්ක් බඩ්ල් මෙල්බන් නුවරට රැගෙනවිත් තිබෙනවා.
ඔහු අද මෙල්බන් හි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝ 160 ක් ඔස්ටේ්‍රලියාවට ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා 02 ක් යටතේ මෙහිදී නඩු පැවරෙනු ඇති බව සඳහන්.
තුර්කියෙන් පිටුවහල් කිරීමෙන් පසු මාර්ක් බඩ්ල් පෙරේදා ඩාර්වින් දක්වා රැගෙන ඒමෙන් අනතුරුවයි විශේෂ ගුවන් යානයකින් අද මෙල්බන් වෙත රැගෙනවිත් ඇත්තේ.
නඩු විභාගය අවසානයේ වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හමිවන උපරිම දඩුවමක් ලැබෙනු ඇති.