Dandenong Plaza හි පිහි ඇණුමකින් තරුණයෙකුට බරපතලයි

මෙල්බන් Dandenong Plaza හි සිදුවු පිහි ඇණුමකින් 18 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහු මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම තරුණයා සහ තවත් තරුණයන් 03 දෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙනුයි මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

අදාළ තරුණයන් 03 දෙනා මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා අයෙකු වෙතොත් 1800 333 000 මගින් දැනුම් දෙන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »