අරගලකරුවන්ට තව පැය කිහිපයයි

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා ඉවත්කර ගැනීමට දී තිබූ කාලය අද පස්වරු 05 ට අවසන් වනවා.

පෙරේදා මෙන්ම ඊයේ දිනයේදීත් කොටුව පොලිසිය විසින් එම ස්ථානයට ගොස් අරගලකරුවන්ට එය නිවේදනය කර තිබුණා.

එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහජනයාගේ අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසටයි.

පොලිසියේ දැන්වීමට එකගවෙමින් පිරිසක් ඊයේ දිනයේදීත් අරගලභූමියෙන් ඉවත්ව තිබුණා.

එහෙත් තවත් පාර්ශව කිහිපයක් අවධාරණය කර තිබුණේ කිසිදු ආකාරයකින් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »