Business Class කෑම වීඩියෝව ගැන ශ්‍රී ලංකන් කියපු දේ

SRI LANKAN AIR LINES

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තිය තුල ආහාර නොමැති බවට ගුවන් මගියෙකු විසින් නිකුත් කළ වීඩියෝව සම්බන්ධයෙන් ගුවන් සමාගම විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ගුවන් සමාගම සම්බන්ධයෙන් මහජනයා තුළ අප්‍රසාදයක් ඇතිකරලීම වෙනුවෙන් හිතාමතා කරුණු විකෘතිකර දැක්වීමක් බවයි ප්‍රකාශ කරන්නේ.

අදාළ ගුවන් යානයේදී ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල් (කුකුළු මස්, සී ෆුඩ් සහ නිර්මාංශ) අතුරින් කැමති ආහාර වේලක් තෝරා ගැනීමේ අවකාශ සලසා තිබූ බවත් ගුවන් මගීන් සංඛ්‍යාව පදනම් කර ගනිමින් අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගුවන්යානය තුළ පැවති බවත් සමාගම සඳහන් කරනවා.

මෙම පුද්ගලයා නිකුත් කළ වීඩියෝවේ අඩංගු වන්නේ එක් ආහාර වර්ගයක් සෙසු ආහාර වර්ගවලට පෙර අවසාන වීමක් වන අතර එවිට ගුවන් සමාගම්වල සාමාන්‍ය පිළිවෙත වන්නේ ඒ වන විට ඉතිරිව පවතින ආහාර වර්ග අතුරින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව මගීන්ට පිරිනැනීමයි.

මෙම වීඩියෝව රූගත කළ තැනැත්තා රූගත කිරීම අතරතුර හිතාමතා හෝ වෙනයම් හේතුවක් මත ආහාර නොමැති බවට සිදු කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය සහ නොමග යවන සුළු බව පැහැදිළි වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙන්නේ.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »