ජාතික කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි

ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පවත්වා තිබෙනවා.

කොවිඩ් – මංකිපොක්ස් සහ ගව මුඛ හා කුර රෝග පිළිබඳවයි එහිදී වැඩිම අවධානයක් යොමු කර තිබුණේ.

මෙම රෝග 03 ම මර්දනයට ගත හැකි පියවර කවරේදැයි දීර්ඝව සාකච්ඡා කල බව අගමැති ඇන්තනී ඇල්බනීස් කැන්බරා අගනුවර අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියා.

සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් මෙහිදී සඳහන් කලේ මේ දක්වා මංකිපොක්ස් රෝගීන් 58 ක් ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී ඇති බවයි.

එම වෛරසයට මුහුණ දීම සඳහා එන්නත් 450,000 ක් මේ වනවිටත් ගෙන්වීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඉන් පළමු 22,000 ලබන සති 02 තුළදී ඔස්ටේ්‍රලියාවට ළගාවනු ඇති.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »