Search

දේශගුණ විපර්යාස පණත සම්මතයි

අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ කම්කරු පක්ෂ රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ දේශගුණ විපර්යාස පණත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 89 ක් හිමිවූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 55 ක් පමණයි.

දැනට විපක්ෂයේ කටයුතු කරන හරිත පක්ෂයේ සහයද මේ සඳහා ලැබී තිබීම විශේෂත්වයක්.

2030 වසර වනවිට කාබන් විමෝචනනය සියයට 43 කින් අඩු කිරීමත් 2050 වසර වනවිට එය සියයට 0 අගයකට ගෙන ඒම සඳහාත් ක්‍රියා කිරීම මෙම යෝජනා අතර වනවා.

ලබන මාසයේදී සෙනට් සභාවේ අනුමැතියද හිමිවුවහොත් නීතියක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »