පැතුම් කර්නර්ට නිදහස ඉල්ලා ඔස්ටේ්‍රලියාවෙන් පෙත්සමක්

දැනට අත්අඩංගුවේ පසුවන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් නිදහස් කරන ලෙස ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

අනතුරුව එය කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාර දීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර වාසය කරන තවත් වෛද්‍යවරයෙකු වන තාරක බණ්ඩාර විසිනුයි මෙම පෙත්සම මුදා හැර ඇත්තේ.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන පැතුම් කර්නර් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය හමුවේ සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ක්‍රියාවේ නැංවීම පමණක් සිදුකර ඇති බවයි මෙම පෙත්සමෙහි දක්වා තිබෙනවා.

එහෙත් ශ්‍රී ලංකා රජය විසින් අනීතිකව ඔහු ඇතුලු තවත් ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින බවට මෙම පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

එබැවින් මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමිනුයි මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කර ඇත්තේ.

අදාළ ඔන්ලයින් පෙත්සමට ඔබටත් පහතින් අත්සන් තැබිය හැකියි :

https://www.change.org/p/requesting-help-to-release-dr-pathum-kerner-and-political-activists-detained-in-sri-lanka?recruiter=164968929&utm_source=share_petition&utm_medium=facebook_messenger&utm_campaign=psf_combo_share_initial&recruited_by_id=00fb46e0-fce4-44ea-a5eb-211167afcee8

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »