
අයි සී සී මාසයේ ක්‍රීඩකයා සම්මානය ජූලි මාසය සඳහා තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.
ප්‍රංශ යොවුන් ක්‍රීඩක ගුස්ටාෆ් මැකියොන් සහ එංගලන්තයේ ජොනී බෙයාස්ටෝව් අනෙක් ක්‍රීඩකයන් දෙදෙනායි.
මෙම තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ලෝක ටෙස්ට් ශූරතාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ

අයි සී සී සුදුසුකම් ලැබීමේ ඉසව්වල ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් සලකා බැලීමෙන් අනතුරුවයි ජූලි මාසය සඳහා වන අයි සී සී මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මාන සඳහා කෙටි ලැයිස්තුව සාදා ඇත්තේ.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තෝරා ගැනීම සඳහා විශේෂ වී ඇත්තේ ඔහුගේ පළමු ටෙස්ට් තරග තුනේදී කඩුලූ දවා ගැනීමේ සාමාන්‍යය 20.37 ක රඳවා ගනිමින් කඩුලූ 29 ක් දවා ගැනීමයි.
