නවසීලන්ත PR ගැන අලුත් ආරංචියක්

නවසීලන්ත ස්ථිර පදිංචිය ලබා ගත හැකි Green List රැකියා ලැයිස්තුව සම්බන්ධ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් 05 වනදා සිට මීට අදාළ අයදුම්පත් යොමු කල හැකි වනවා.

පසුගිය ජූලි 04 වනදා සිට රැකියා වීසා යටතේ නවසීලන්තයට පැමිණි කවරෙකුට හෝ අදාළ සුදුසුකම් සපුරා ඇත්නම් සැප්තැම්බර් 05 වනදායින් පසු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකි බවයි නවසීලන්ත සංක්‍රමණ අංශ දන්වා සිටින්නේ.

ඉදි කිරීම් – ඉංජිනේරු – සෞඛ්‍ය – තොරතුරු තාක්ෂණ ආදී ඉහළ වැටුප් ලැබිය හැකි රැකියා රැසක් නවසීලන්ත Green List ලැයිස්තුවට අන්තර්ගතයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

https://www.immigration.govt.nz/new-zealand-visas/apply-for-a-visa/tools-and-information/work-and-employment/green-list-and-highly-paid-residence-categories?fbclid=IwAR2ptbmMN1Y689rBOdbdpvJYsEKlNgsnnqvHNJPw_Pqgc0Qz9gWfHL-Ay_g&fs=e&s=cl

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »