තවත් දර්ශකයකින් මෙල්බන් පළමු තැනට

2011 සිට 2021 දක්වා වසර 10 ට අදාළව ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවල ජනගහණය වැඩිවී ඇති දත්ත සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව ජනගහණයේ වැඩිම ඉහළයාම සටහන් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ අග නගරය වන මෙල්බන් නගරයේ වන අතර එය 806,800 කට ආසන්නයි.

ජනගහණය අඩුවෙන්ම ඉහළගොස් ඇත්තේ ඩාර්වින් නගරයේ වන අතර එය 19,700 ක් පමණ වනවා.

මෙල්බන් හි වැඩිම ජනගහණය ඉහළයාම සටහන්වූ ප්‍රදේශය වන්නේ Wollert වන අතර 2011 ට වඩා 2021 දී වාසය කරන්නන් සංඛ්‍යාව 24,200 කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසර 10 ක කාලය සැළකීමේදී ප්‍රාන්ත 08 හිම ජනගහණය ලක්ෂ 25 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »