ඔස්ටේ්‍රලියාව තවත් එන්නත් ඉලක්කයක් පසු කරයි

වයස අවුරුදු 05 ට අඩු අවධානම් තත්වයේ සිටින දරුවන් සඳහාද ඔස්ටේ්‍රලියාව තුළ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත අනුමත කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කමිටුව හෙවත් ATAGI විසින් ඒ සඳහා අවසරය දී ඇති බවයි.

මේ අනුව ප්‍රතිශක්තීකරණ දුර්වලතා සහිත – ආබාධ සහිත සහ දරුණු සෞඛ්‍ය ගැටලු සහිත මාස 06 ත් අවුරුදු 05 ත් අතර දරුවන්ට ලබන සැප්තැම්බර් 05 වනදා සිට මොඩර්නා එන්නත ලබාගත හැකි වනවා.

වයස අවුරුදු 05 ට අඩු දරුවන් සැළකිය යුතු ප්‍රතිශතයක් මේ යටතේ කොයවිඩ් එන්නත්කරණයට යටත් කෙරෙන අතර එම කඩඉම පසුකරන පළමු රටවල් කිහිපය අතරට ඔස්ටේ්‍රලියාවද මේ අනුව අයත්වීම විශේෂත්වයක්.

මේ සඳහා දැනටමත් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් වෙන් කර ගෙන ඇති අතර ඉන් බහුතරයක් අද රාත්‍රියේ රටට පැමිණෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ.

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »