ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම වෙළඳසැල් ජාලය හෙළිවෙයි

ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම වෙළඳසැල් ජාලය බවට නැවතත් Aldi පත්වී තිබෙනවා.

ඒ පාරිභෝගිකයන් 2500 කට වැඩි පිරිසක් යොදාගනිමින් සිදුකල මත විමසුමකට අනුවයි.

ඉහළ යන ජීවන වියදම හමුවේ අනෙක් වෙළඳසැල්වලට සාපේක්ෂව මිළ ගණන් අඩු අගයක පවත්වාගෙන යෑමයි මීට මූලික හේතුව වී ඇත්තේ.

Aldi විසින් මෙම ශ්‍රේණිගත කිරීම ලබාගත් අඛණ්ඩව 05 වන අවස්ථාවද මෙයයි.

කරුණු 07 ක් යටතේ පාරිභෝගික අදහස් විමසා තිබූ අතර එහිදී දෙවන ස්ථානයට පත්ව ඇත්තේ Woolworths වෙළඳ ජාලයයි.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »