
ඔස්ටේ්‍රලියාව තුළ පොළී අනුපාත අඛණ්ඩව 04 වන වරටත් අද නැවතත් ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.
ඒ අනුව cash rate අගය තවත් සියයට 0.5 කින් වැඩි කෙරෙනු ඇති බව සඳහන්.
එනම් එම අගය සියයට 1.85 දක්වා ඉහළ යාමට නියමිතයි.

දැනට ඩොලර් 750,000 ක උකසක් ගෙවන අයෙකුට මේ යටතේ මාසික වාරිකය ඩොලර් 211 කින් පමණ ඉහළයනු ඇති.
වසර 06 කට පමණ පසු ඉහළම cash rate අගය ලෙසද මෙය සටහන් වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය ඉහළයාම පාලනය කිරීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.