උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාවේ වැටුප් පහළ අගයක

සීඝ්‍රයෙන් ඉහළ යන ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය හා සැසඳීමේදී වැටුප් පරිමාණයන් ඊට සමගාමීව වැඩි නොවීම සම්බන්ධයෙන් විශාල පිරිසක් අප්‍රසාදය පළකර තිබෙනවා.

වසර 32 කට පසු මෙරට ඉහළම උද්ධමනය ලෙස සියයට 6.1 ක් සටහන් වූ බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිවේදනය කලා.

එමෙන්ම පසුගිය මාස 12 සැළකීමේදී භාණ්ඩ මිළ ගණන්ද සියයට 6.1 කින් වැඩිවී ඇති බවයි එම වාර්තා තවදුරටත් සඳහන් කලේ.

කෙසේවෙතත් අදාළ කාලසීමාවේදී වැටුප් වැඩිවී ඇත්තේ සියයට 3.4 කින් පමණයි.

ජාතික අවම වැටුප මීට සති කිහිපයකට පෙරදී වැඩි කෙරුණද ජීවන වියදම පාලනයට එය ප්‍රමාණවත් නැතැයි යන්න බොහෝ පිරිසකගේ ස්ථාවරය වී තිබෙනවා.

විශේෂයෙන් ඉන්ධන මිළ ඉහළ යන සෑම අවස්ථාවකදීම භාණ්ඩ මිළ ගණන්ද ඊට සමගාමීව වැඩිවීම හමුවේ මෙම තත්වය තවත් උග්‍රවී ඇති බව සඳහන්.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »