ලංකාවේ ඇමති ධුරවල වෙනසක් ? සජබ මන්ත්‍රීන්ටත් ලැබෙන හැඩ

මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන් අමාත්‍ය වරු කිහිප දෙනෙකුගේ විෂයයන් වෙනස් වනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

විදුලි බල හා බලශක්ති, වරාය හා නාවික කටයුතු, පරිසර යන අමාත්‍යාංශ මෙසේ වෙනස් වනු ඇති අතර ඒවා ලබා දෙනු ඇත්තේ විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය ලබා දීමට එක්වන මන්ත්‍රීවරුන්ට බවද එම වාර්තාව කියා සිටී.

ඉන්ධන බෙදාහැරීමට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ සෙසු කැබිනට් අමාත්‍යවරුන් අතර මතභේද පවතින බවද සඳහන්ය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ආන්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්වූ වන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු පක්ෂවලට ආරාධනා කර ඇත නමුත් සමගි ජන බලවේගය ඊට සම්බන්ධ නොවීමට සාකච්චා කර ඇත.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »