ඉදිරියේදී උද්ධමනය තවත් ඉහළට – මුදල් ඇමති අනතුරු අගවයි

ඉදිරියේදී උද්ධමනය තවත් ඉහළ යා හැකි බවට මුදල් ඇමති ජිම් චාමර්ස් අනතුරු අගවනවා.

යුක්රේන අර්බුදය – ගෝලීය සැපයුම් අඩාලවීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් උද්ධමනය අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

වසර 32 කට පසු ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය ඉහළම අගය සටහන් කර තිබෙනවා.

පසුගිය ජූනි මාසයේ මෙරට උද්ධමනය සියයට 6.1 ක් ලෙස වාර්තා වී ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිවේදනය කලා.

එය පසුගිය මැයි මාසයේදී පැවතියේ සියයට 5.1 ක් ලෙසයි.

1990 වසරේදී සියයට 6.9 ක් ලෙස සටහන්වීමෙන් පසු ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය වාර්තා කල වැඩිම අගය මේ අනුව ජූනි මාසයේදී වාර්තා වී තිබෙනවා.

ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළ ඔස්ටේ්‍රලියාවේ පාරිභෝගික මිළ දර්ශකය සියයට 6.1 කින් ඉහළගොස් ඇති බවද සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිවේදනය කලා.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »