ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට ඉල්ලීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා දකුණු අප්‍රිකාව පදනම් කරගත් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ 2019 වසරේ මෙරට සිවිල් යුද්ධය අතරතුර දී ගෝඪාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කරඇති බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

පිටු 63කින් යුත් අදාළ පැමිණිල්ල මගින් ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී

ලංකාවේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත යුතු බවයි.

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගත් සංවිධානයක නීතිඥවරුන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවද රොයිටර් පුවත් සේවය දක්වා තිබුනා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »