Search

මාස හතට ලක්ෂ එකහමාරක් එතෙර රැකියාවලට

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික සංඛ්‍යවක් ජනවාරි මස සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම වසරේ ජනවාරි මස සිට මෙම මස (ජූලි) පළමු සතිය දක්වා කාලය තුළ පුද්ගලයන් 156,179 ක් රැකියා සඳහා විදේශගත ඇති බවත් ඉන් පුද්ගලයන් 100,767 ක් ඔවුන්ගේ පෞද්ගලික මාර්ගවලින් ද, පුද්ගලයන් 55,411 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රය සහිතව ද පිටත්ව ගොස් ඇති බවත්ය.

මෙම පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් මැද පෙරදිග රටවල්වලට පිටත්ව ගිය බව කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවත් පිරිසක් දකුණු කොරියාව සහ ජපානය රටවල්වලට ද පිටත්ව ගොස් ඇති බවත් එම කාර්යංශය කියයි.

එහිදී කුවේට්වලට පුද්ගලයන් 39,216 ක්, කටාර් රාජ්‍යයට 36,229 ක්, සෞදි ආරාබියට 26,098 ක්, දකුණු කොරියාවට 3,219 ක් සහ ජපානයට 2,570 ක් ජනවාරි මස සිට පිටත්ව ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

පසුගිය ජූනි මස පමණක් පුද්ගලයන් 27,937 ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් ඉන් 18,083 ක් ලියාපදිංචිව ගොස් ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්ථික අර්බුදයත් සමඟ එදිනදා කටයුතු පවත්වාගෙන යෑමේ අපහසුතාව නිසා පුරවැසියන් මෙසේ රට හැර යන අතර පසුගිය කාලය පුරාම මෙන්ම වර්තමානයේ ද නව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට සහ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍ර යාවත්කාලීන කිරීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »