
පකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.
අද තරගයේ කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුකර තිබෙනවා.
ඒ අනුව කසුන් රාජිත සහ මහීෂ් තීක්ෂණ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් හිමිකර ගනු ලැබුවා.
ඔහුට හිමි හිස් වැසුම පිරිනමනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසිනුයි.

ඇන්ජලෝ මැතිව්ස් අද සහභාගී වන්නේ තම 100 වන ටෙස්ට් ක්‍රිකට් තරගයටයි.
ඊට අදාළ හිස් වැසුම ඔහුට පිරිනමනු ලැබුවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසිනුයි.
මැතිව්ස් සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට 2009 වසරේදී ක්‍රීඩා කරනු ලැබුවේද අද තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේදීම වීම විශේෂත්වයක්.
පකිස්ථානය වෙනුවෙන් ෆවාඩ් අලාම් සහ නවුමාන් අලි තරගයට කැඳවා ඇත්තේ අසාර් අලි සහ ශහීන් ෂා අෆ්රිඩි වෙනුවටයි.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.