දූෂණ චෝදනා ගැන වික්ටෝරියා අගමැති සමාව අයැදී

වික්ටෝරියා ප්‍රාන්ත ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ කරුණුවල වගකීම භාරගන්නා බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

දූෂණ මර්දන නිළධාරීන් විසින් ප්‍රකාශයට පත් කල වාර්තාවේ අඩංගු නිර්දේශ 21 ම ක්‍රියාත්මක කරන බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ දූෂණ මර්දන අංශ සිදුකල විමර්ශනයක වාර්තාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දූෂණ චෝදනා එල්ල කර තිබෙනවා.

බදු මුදල් සහ ප්‍රජා අරමුදල් අයථා භාවිතය ඉන් ප්‍රමුඛ වන බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත ලේබර් පක්ෂය තුළ සදාචාරය සැළකිය යුතු අන්දමින් බිඳ වැටී ඇති බවත් මෙම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

මේ පිළිබඳ තමා ලැජ්ජාවට මෙන්ම කණගාටුවටද පත් වන බවයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »