
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ රනිල් වික්‍රමසිංහට ඔස්ටේ්‍රලියානු ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් සුභ පැතුම් පළකර තිබෙනවා.
ආර්ථිකය ගොඩනැගීමට සහ ලාංකිකයන් එක් ස්ථානයකට ගෙන ඒමට ඔහුට ප්‍රබල වගකීමක් පැවරී ඇති බවයි
මන්ත්‍රීවරයා සඳහන් කලේ.

ශ්‍රී ලංකාව මේ වනවිට දැඩී අසීරු අවධියක සිටින බව තම ලාංකික ප්‍රජාවේ මිතුරන්ගෙන් නිරතුරුව දැන ගැනීමට ලැබෙන බවද ජේසන් වුඩ් සඳහන් කරනවා.
ඔස්ටේ්‍රලියාව නිරතුරුව ශ්‍රී ලංකාව සමග කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කලා.
