පාර්ලිමේන්තුවේ අද ඡන්දය දැමෙන්නේ මෙහෙමයි

ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා හෙවත් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකරනවා.

මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම විශේෂත්වයක්.

ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඩගසනු ලබනවා.

එවිට එම මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතුයි.

එවිට එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කරනවා.

ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභාගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා ඡන්ද පෙට්ටියට දැමිය යුතුයි.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නොපමාව ප්‍රකාශයට පත් කරනවා.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබා නොමැතිනම් මෙම කටයුතු තවත් දීර්ඝ වනවා.

එවිට අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරනවා.

එසේ තරගයෙන් ඉවත් කළ අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයා විසින් දෙවන මනාපය සළකුණු කර ඇති නම් ඒවා අදාළ අපේක්ෂකයාට එකතු කිරීම සිදුවෙනවා.

එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති නම් එක් එක් ගණනය කිරීමකදී අවම මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් දෙවන, 03 වන යනාදී වශයෙන් මනාප ඉතිරි අපේක්ෂකයන්ට එකතු කරමින් ඡන්දය ගණන් කිරීම සිදුවෙනවා.

එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකක් ලබා ගෙන නොමැති නම් ඉහත පරිදි ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට තේරීම් භාර නිලධාරියාගේ අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදුවනවා.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි.

Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »
Latest news

හඳුන්වාදී පැය 48 ක් යාමට පෙර ඉහළම ප්‍රසාදයක් අත්කරගත් ලාංකික ඇගලුම් නාමය

ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වාදී දින 02 ක් ගතවීයාමට මත්තෙන් Chamzz වෙළඳනාමය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන තිබෙනවා.

Read More »