
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදි ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන් තීරණය කර තිබෙනවා.
එහි නියෝජිතයන් කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සිය පක්ෂය ගෙන ඇති තීරණයට අනුව
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී චානක පවසනවා.
සිය පක්ෂයේ තරුණ පෙරමුණ ඊයේ රැස් වූ අවස්ථාවේදී එම තීරණයට එළඹුණු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
