වික්ටෝරියාවේ 2021 රිය අනතුරු මරණ මෙම වසරේ මාස 06 කදි වාර්තා වෙයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළදී වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 28 ක් බවට පත්වී තිබෙනවා.

ඉන් 10 දෙනෙකුම මියගොස් ඇත්තේ ජූනි මාසයේදීයි.

මේ අනුව පසුගිය වසරේදී වික්ටෝරියා මාරක රිය අනතුරුවලින් සිදුවූ මරණ ගණන හා මෙම වසරේ මේ දක්වා කාලය තුළදී සිදුවු මරණ ගණන සමාන අගයක් වී තිබෙනවා.

මෙම වසර අවසන්වීමට තවත් මාස 05 ක් ඉතිරිව පවතින බැවින් වික්ටෝරියා රිය අනතුරු මරණ ගණන මෙම වසරේදී කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ මෙල්බන් නාගරික කලාපය මෙන්ම වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවලද රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »