ඔස්ටේ්‍රලියාව තුළ ගෘහ විදුලි උපකරණ මිළ ගණන් සියයට 80 කින් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ ගෘහ විදුලි උපකරණ මිළ ගණන්ද කැපී පෙනෙන අගයන්ගෙන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසර හා සැසඳීමේදී ඇතැම් උපකරණවල මිළ සියයට 80 කින් පමණ වැඩිවී ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ටෝස්ටර් – ශීතකරණ – මයික්‍රොවේව් උඳුන්වල මිළ ඉහළයාම සටහන් වන්නේ සියයට 12 ත් 25 ත් අතර අගයන්ගෙනුයි.

එනම් ඩොලර් 229 ත් 3000 ත් අතර මිළකින් එම උපකරණ මිළ වැඩිවී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්ධන හා බලශක්ති පිරිවැය සීඝ්‍රයෙන් ඉහළයාම සහ සැපයුම් අඩාලවීම මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට ප්‍රධාන වශයෙන් විදුලි උපකරණ ආනයනය කරන චීනයේ ලොක්ඩවුන් තත්වය දීර්ඝ කිරීමත් සමග නිෂ්පාදන අඩාලවීමයි ඊට බලපා ඇත්තේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »