රනිල් නිසා GL හා සාගර ඇවිලෙයි

දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා තිබෙනවා.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, ජනාධිපති ධුරය සදහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අපේක්ෂකත්වය ලබාදීමට සහාය දැක්වීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට ඊයේ පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනුයි.

මේ පිළිබඳව තමා විමතියට පත් වූ බව ද පීරිස් මහතා සඳහන් කර තිබෙනවා. ජී. එල්. පිරිස් එම ලිපියෙන් සාගර කාරියවසම් ගෙන් කරුණු 6 ක් පිළිබඳ විමසා තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේද?/ මෙම තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව කියන පුද්ගලයින්ගේ නම් කවරේද ? සහ එම පුද්ගලයින් තෝරා ගැනීමේ පදනම කවරේද ඒ අතර වනවා.

අපේක්ෂිත රැස්වීමේ ස්ථානය, දිනය සහ වේලාව කුමක්ද – දැනුම් දීමේ දිනය සහ වේලාව ඇතුළු කැඳවන දැන්වීමට අදාළ තොරතුරු කවරේද සහ මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් යටතේ ද යන්න පිළිබඳවද විමසා තිබෙනවා.

මෙම කරුණු පිළිබඳව ඉතා ඉක්මණින් පිළිතුරක් ලැබීමට තමාට අයිතියක් ඇතැයි ද ජී.එල්. පීරිස් එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »