Search

හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම අද – $ 750 ක දීමනාව නැවත ගෙවන ළකුණු

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

එය ලබන සඳුදා පැවැත්වීමට නියමිත වුවද දින 02 කට පෙර පැවැත්වීමටයි ඊයෙ රාත්‍රියේ තීරණය කර ඇත්තේ.

ඉහළ යන කොවිඩ් තත්වය සහ කොවිඩ් සහන මුදල් ගෙවීම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

කොවිඩ් හමුවේ හුදකලා කෙරුණු පුද්ගලයන් සඳහා සිදුකල ගෙවීම් කිහිපයක් ජූලි පළමුවනදා සිට නතර කෙරුණා.

ඒ අනුව ඇතැම් සේවකයන්ට රැකියාව කිරීමට නොහැකිව වැටුප්ද නොමැතිව නිවසට වී සිටීමටයි සිදුවී ඇත්තේ.

3 වන ඔම්ක්‍රොන් රැල්ල සහ ස්වයං නිරෝධායනය වීමේදී සතියකට ගෙවනු ලබන ඩොලර් 750 ක ගෙවීම ආපසු ආරම්භ කිරීම යන කරුණු එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

අවම වශයෙන් ශීත සෘතුව අවසන් වන තෙක් එම ගෙවීම් නැවත ස්ථාපිත කරන ලෙස විපක්ෂය, ප්‍රාන්ත අගමැතිවරුන් සහ ඇතැම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »