ජනපති රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් SV 788 ගුවන් යානය සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අවසාන ගමනාන්තය සිංගප්පූරුව නොව සවුදි අරාබිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාලදිවයිනේ සිට සිංගප්පූරුව දක්වා ඔහු ගමන් කරමින් සිටින්නේ සවුදි අරාබි ගුවන් සේවයට අයත් SV 788 ගුවන් යානයෙනුයි.

එතැන් සිට වෙනත් සවුදි ගුවන් යානයකින් ජෙඩා නුවර දක්වා ගමන් කිරීම ඔහුගේ සැලසුම බවයි නම හෙළිකල නොහැකි මූලාශ්‍රයක් උපුටා දක්වමින් AP පුවත් සේවය වාර්තා කලේ.

මේ අතර ජනාධිපතිවරයා ගමන් ගන්නා මෙම ගුවන් යානය මේ වනවිට ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කරමින් පවතින ගුවන් යානය බවට පත්ව තිබෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »