විනාඩි 60 ක් තුළ ඇණවුම් බෙදන්න Woolworths වෙතින් අලුත් ඇප් එකක්

woolworths

ඇණවුම් කරන භාණ්ඩ විනාඩි 60 ක් ඇතුළත නිවසටම ගෙන්වාදීමේ නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් වූල්වර්ත්ස් විසින් හඳුන්වාදී තිබෙනවා.

පළමුවෙන් සිඩ්නි නගරයේ සුපිරි වෙළඳසැල් 07 ක් ආශ්‍රිතව අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි එය ආරම්භ කෙරෙන්නේ.

අවම වශයෙන් ඩොලර් 20 ක භාණ්ඩ මිළයට ගත යුතු අතර උබර් සේවාව තවත් ඩොලර් 05 ක මුදලක් අයකරනු ඇති.

ආහාර වර්ග ඇතුලු ද්‍රව්‍ය 400 ක් පමණ ඇණවුම් කිරීමට පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව උදාවනවා.

ඉදිරයේදී තවත් නගර කිහිපයක මෙය ක්‍රියාත්මක කිරීමට වූල්වර්ත්ස් විසින් කටයුතු යොදා තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »