ශ්‍රී ලංකාවේ ඊයේ රෑ සිදුවීම් සියල්ල කෙටියෙන්

ඊයේ (13) රාත්‍රිය පුරා ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් කිහිපයක් කෙටියෙන් පහත දැක්වේ

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (14) අලුයම 05 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පණවා ඇත.

ජනපති ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත දැනුම් දි ඇත.

වහා ධුරයෙන් ඉවත් වන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

එමෙන්ම ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවටයි.

මීළඟ ජනාධිපතිවරයා පත්වන තෙක් රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමට ත්‍රිවිද හමුදාවට සහ පොලිසියට සහයෝගය ලබාදෙන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »