ගෝඨා ඉන්න තැන හෙළිවෙයි

ජනාධිපතිවරයා මුහුදු මාර්ග ඔස්සේ රටින් පිට වීමට උත්සාහ දරමින් සිටින සිටි බව AFP පුවත් සේවය පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මෙවැනි විකල්ප ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට තීරණය කර ඇත්තේ ගුවන් තොටුපළ හරහා මේ වන විට රටින් බැහැරව යෑමේ අවස්ථා සීමා වෙමින් පවතින නිසාවෙන් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවස අත්පත් කර ගැනීමට මොහොතකට පෙර ඉන් පලා ගියා.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ හරහා දිවයිනෙන් පිටත්ව යාමේ උත්සාහ අසාර්ථක වූයේ ඒ සඳහා ගුවන්තොටුපල සහ ගුවන් මගීන්ගේ දැඩි විරෝධතාවක් එල්ල වීම හේතුවෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යා හැකිව තිබූ ගුවන් යානා හතරක් ම මගහැරුණු පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි ගුවන් හමුදා කඳවුරේ රාත්‍රිය ගත කළ බවයි ඒ එෆ් පී පුවත් සේවය සඳහන් කරන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණට අයත් පෞද්ගලික නිවස රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා කියා ගන්නා හිටපු පොලිස් නිලධාරියකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙය ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහා පලකරන ලද ප්‍රවෘත්තියක් බවට ගුවන් හමුදාව පවසයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »