මහින්ද / බැසිල් / කබ්රාල් විදෙස්ගත විම තහනම් කරන ලෙස මෝසමක්

රට ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීමට හේතු වූ රාජපක්ෂ පාලන සමයේ අදුරදර්ශි ආර්ථික කළමණාකරණට වගකිව යුතු සියළු දෙනාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි දඩුවම් ලබා දෙන්නැයි නියෝග

කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනුකල පෙත්සම සළකා බැලීම සදහා අනිද්දා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම ලබන 27 වනදා යළි කැදවීමටයි නියම වී තිබුණේ.

පෙත්සමේ වග උත්තකරුවන් ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ / හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ / හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් / අජිත් නිවාඩ් කබ්රාල් / මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුලු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා.

මෙම පිරිස විදෙස්ගත විම තහනම් කරන ලෙසටද මෙහිදී මෝසමක් ගොණු කර තිබෙනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »