ලංකාවට ලැබෙන රට සල්ලි ගිය මාසයේත් අඩුවෙයි

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පසුගිය ජූනි මාසයේ දී එවා ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 274.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව 2022 වසරේ පළමු අර්ධය තුළ දී ලැබී ඇති මුළු ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 1,609.9 ක් වන අතර එය 2021 වසරේ පළමු භාගයේ වාර්තා වී ඇති ඩොලර් මිලියන 3,324.4 ක වටිනාකම හා සැසඳීමේ දී 51.6% ක පහළ යාමක්.

2021 ජූනි මාසයේ දී ලැබී ඇති ඩොලර් මිලියන 478.4 ක්වූ ප්‍රේෂණවල රුපියල් වටිනාකම රු. බිලියන 95.6 ක් ලෙසින් සටහන් වනවා.

මෙම වසරේ ජූනි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 274.3ක් වුව ද එහි රුපියල් වටිනාකම රු. බිලියන 98.8 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

පසුගි මැයි මාසයේ දී ඩොලර් මිලියන 304.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණා.

එය රු. බිලියන 109.2 ක වටිනාකමකට සමාන අගයක්.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »