ස්ථිර වීසා ලාභීන් වැඩි කළ යුතුයි – අගමැති ඇල්බනීස්

ශ්‍රම හිගය පියවා ගැනීම සඳහා ඔස්ටේ්‍රලියාවේ ශ්‍රමිකයින්ට ස්ථිර වීසා ලබා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කල යුතු බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

තාවකාලික සංක්‍රමණයට වඩා දිගු කාලීන හෝ ස්ථිර විකල්ප අවශ්‍ය බවයි ඔහු සඳහන් කලේ.

පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය සහ වීසා අයදුම්පත් ගොඩ ගැසී තිබීම පිළිබඳ ලේබර් පක්ෂ රජයේ මතය පැහැදිලි කරමිනුයි අගමැතිවරයා මේ බව කියාසිටියේ.

ස්ථිර වීසා ලාභීන් සංඛ්‍යාව වැඩි කෙරෙන ක්‍රමයකට යා යුතුව ඇතැයිද ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

එළඹෙන සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත රැකියා සමුළුවක් නිවේදනය කරමින් අගමැති ඇල්බනීස් මෙම අදහස් පළ කලා.

ව්‍යාපාර, වෘත්තීය සමිති, සිවිල් සමාජ කණ්ඩායම් සහ රජයේ අනෙකුත් සංවිධාන මේ සඳහා එක් කරගැනීමට රජය අදහස් කරන බවද අගමැතිවරයා කියාසිටියා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »