අරගලයට එක් වූ සැරයන් තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට

මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිට පොලිස් ගරාජ් හි සේවයේ නියුතු සැරයන්වරයෙකි.

සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී අඟල් 2 ක් පමණ පළල ,අඟල් 10ක් පමණ දිගැති මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටි සැකකරු සෙරෙප්පු යුගලක් පැලඳ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන්ට සැකසිතී ඔහු කෙරේ අවධානය යොමුවී නවතා ගෙන සිදු කළ පරික්ෂාවේදී තියුණු ආයුධය ඉනේ ගසාගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

ඒ සමගම සැකකරු එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට භාර දීමෙන් අනතුරුව කොටුවක් පොලිසියේ ජංගම රථය එම ස්ථානයට ගෙන භාරදීමට බාරදීමට කටයුතු කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඉකුත් නම වෙනි දින අරගලයට පාගමනින් යමින් සිටි තරුණ පිරිසකට මහරගම නගරයේ දී තම දෙඅත් උත්සාහ සහාය පළකල තැනැත්තා බව පොලිසිය කියයි.

කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »