
ජපානයේ නරා නගරයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුරදී හදිසියේ ඇද වැටීමෙන් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රෝහල්ගත කර තිබෙනවා.
නිල නොවන වාර්තා පවසන්නේ ඔහුට වෙඩි වැදී ඇති බවයි.
රුධිරය ගලන තුවාල සහිතව හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කර ඇති බවයි ජපාන වාර්තාවල දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
2020 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ෂින්සෝ අබේ සැළකෙන්නේ ජපාන ඉතිහාසයේ වැඩිම කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙසයි.

ජපාන උත්තර මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනෙන ඡන්ද විමසීම ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.