NSW ජල ගැලීම්වලට ලක්වූ පුද්ගලයන්ට අද සිට සහන මුදල්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම්වලට ලක්වූ පුද්ගලයන්ට සහන මුදල් සඳහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව පවතිනවා.

අද දහවල් 02 සිට එලෙස අයදුම් කල හැකි බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

වැඩිහිටි අයෙකුට ඩොලර් 1000 ක සහ බාල වයස්කරුවෙකුට ඩොලර් 400 ක ආධාර මුදලක් මෙලෙස ලබාගත හැකි වනවා.

මේ අතර ජලය බැස යාමත් සමග නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ කිහිපයක පුද්ගලයන්ට යළිත් නිවෙස් වෙත පැමිණීමට අද සිට අවස්ථාව උදාවනවා.

කෙසේවෙතත් බොහෝ ප්‍රදේශ සඳහා තවමත් ඉවත්වීමේ අනතුරු ඇගවීම බලාත්මක වනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »