ලාංකිකයන්ට නවසීලන්තයේ රැකියා ගන්න අලුත් වැඩක්

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම සම්බන්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ඇති හැකියාවපිළිබදව සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් හා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අතර පැවැත්විණි.

විශේෂයෙන්ම ක්‍රිකට්, රග්බි, ටෙනිස්, පාපන්දු සහ මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා ක්ෂේත්‍රවල පුහුණුකරුවන් හා කාර්මික ශිල්පීන්, කිරි ගොවීන් සහ මුල් ළමාවිය අධ්‍යාපන හුවමාරු වැඩසටහන් වල ගුරුවරුන් යන රැකියා  ක්ෂේත්‍රවල නියැලෙන්නන් නවසීලන්තයේ පුහුණු වැඩසටහන් සදහා යොමු කිරීමට ක්‍රමවේදයක් සකස් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා  මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙතෙක් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අයහපත් ක්‍රියාදාමයක්ව පැවැති දේශපාලන මැදිහත්වීම්වළක්වමින් ඉදිරියේදී රටට පදක්කම් දිනාදීමේ වගකීම ක්‍රීඩා ආයතනවලට භාරදීමට තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවම වශයෙන් වසර පහක පමණ කාලයක් ස්ථාවර සාමාජිකයන් සිටීම අවශ්‍ය බවත්, කණ්ඩායම් සාමාජිකයින් වරින් වර වෙනස් නොකර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ස්ථානය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

අපේ ආර්ථිකය තුළ රටට ඉතා ඵලදායි වන කිරි ගොවිතැන පිළිබඳව තරුණ තරුණියන් පුහුණු කිරීම තම ප්‍රධාන අදහස බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා මහ කොමසාරිස්වරයාගේ මගපෙන්වීම සහ උපදෙස් මෙන්ම සහයෝගය ද අපේක්ෂා කළ අතර, ඒ සඳහා එතුමාගේ අනුමැතිය හිමිව තිබේ.

තමාට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය අංශයේ රැකියා අවස්ථා ලබා දීම බව අමාත්‍යවරයා පැවසීය.

නවසීලන්තයේ රග්බි ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රග්බි ක්‍රීඩාව මෙරට දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද  ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බැවින් ක්‍රීඩකයින් සඳහා අරමුදල් ලබාදීමශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා අනුග්‍රාහකයෙකු සොයා දෙන ලෙස  ඉල්ලා සිටියේය.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »