ප්‍රාදේශීය කලාපවල වෛද්‍ය හිගය තවත් ඉහළ යන ළකුණු

තමන්ට ලැබෙන දීමනා ඉහළ දැමීමක් සිදු නොකලහොත් ප්‍රාදේශීය කලාපවල වෛද්‍ය හිගය තවත් ඉහළ යා හැකි බවට ඔස්ටේ්‍රලියාවේ වෛද්‍ය සංගම් අනතුරු අගවනවා.

රෝගියෙකු පරීක්ෂා කිරීම වෙනුවෙන් GP වරුන්ට ගෙවන ගාස්තුව මෙම මාසයේ සිට ඩොලර් 39.10 සිට ඩොලර් 39.75 දක්වා ඉහළ දැමුණා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 1.6 ක දීමනා ඉහළයාමක් වනවා.

කෙසේවෙතත් සියයට 5.1 ක් ලෙස පවතින උද්ධමනය හා සැසඳීමේදී මෙම වැඩිකිරීම කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් අවම වශයෙන් ඩොලර් 80 ක් පමණ දක්වා ඉහළ නැංවිය යුතු බවත් වෛද්‍ය සංගම් අවධාරණය කරනවා.

විශේෂයෙන් ගොඩනැගිලි කුළී – උකස් ණය – රක්ෂණ වාරික – සේවක වැටුප් වැනි සියල්ල සැළකීමේදී තමන්ට ලැබෙන දීමනා කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොමැති බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ.

මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් ප්‍රාදේශීය කලාපවලින් වෛද්‍යවරුන් ඉවත්වීම වැළැක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »